Comselly.com වෙබ් අඩවිය හරහා ඔබ මිල දි ගන්නා භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමට ඔබට හැකියාව ඇත. ඒ සදහා ප්‍රධාන ක්‍රම 2 ක් පවතී.

1 ක්‍රමය - සාමාන්‍ය තැපැල් මගින් භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීම. (වඩාත් ලාභදායි ක්‍රමය)

2 ක්‍රමය - විශේෂ භාණ්ඩ ප්‍රවාහනය කරන ආයතනයක් හරහා භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීම. (වඩාත් ආරක්ෂාකාරී ක්‍රමය)


01 - සාමාන්‍ය තැපැල් මගින් භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීම.

මෙහි දී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තැපැල් සේවාව ඔස්සේ භාණ්ඩ ඔබගේ නිවසට එවීම සිදුවේ. මෙය භාණ්ඩ ගෙන්වා ගැනීමේ ලාභදායීම ක්‍රමයයි. මෙහි දී ඔබගේ භාණ්ඩයේ බර අනුව භාණ්ඩ ප්‍රවාහන ගාස්තුවක් ගෙවීමට ඔබට සිදු වේ. මෙය ගෙවීමට සිදුවනුයේ භාණ්ඩයේ වටිනාකමට අමතරවයි.


02 - විශේෂ භාණ්ඩ ප්‍රවාහනය කරන ආයතනයක් හරහා භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීම.

සාමාන්‍ය තැපැල් මගින් භාණ්ඩ ගෙන්වා ගැනීමට අමතරව ඔබට භණ්ඩ ප්‍රවාහය කරන විශේෂ ආයතන හරහා භාණ්ඩ නිවසට ගෙන්වැ ගැනීමට ඔබට හැකියාව ඇත. මෙම ක්‍රමය ඉහත දැක්වූ පලමුවන ක්‍රමයට වඩා මදක් මිල වැඩි ක්‍රමයකි. නමුත් මෙහි දී ඔබගේ භාණ්ඩය දින දෙකක් ඇතුලත වඩාත් ආරක්ෂාකාරීව ඔබගේ නිවසට ලැබෙනු ඇත.

මෙම ක්‍රමය මගින් භාණ්ඩ ගෙන්වා ගැනීමේ දී භාණඩ ප්‍රවාහන ගාස්තුව, භාණ්ඩය ඔබගේ නිවසට ලැබීමෙන් පසු, භාණ්ඩය රැගෙන එන්නාට ගෙවිය යුතුවේ.